සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරක නීති වලට අනුකූලවිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින්ට චීන රජය විශේෂ උපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් විවිධ කරදර සහ ප්‍රශ්න වලට මුහුණ දෙන බවට පසුගිය කාලයේ වාර්තා වී ඇති හෙයින් චීන රජය මෙම සංචාරක උපදේශන මාලාව නිකුත් කළ බව චීන ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.
ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින් ලාංකීය සිරිත් විරිත් සහ ආහාර රටා පිළබඳව මෙන්ම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී අවබෝධයෙන් පසුවන ලෙසය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් එම සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ මේවසරේ ගතවූ මාස 7ක කාලය තුළ චීන ජාතික සංචාරකයින් 46 දෙනකු මුහුණපෑ විවිධ සිද්ධී 46ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අතරින් දියේ ගිලීමෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවන බවය. ඒ අතරම සොරකම් කිරීමේ සිද්ධී 30ක්ද, එක් ස්ත්‍රී දූෂණ සිද්ධියක්ද , දුම්රිය අනතුරු වලට ගොදුරුවීමේ සිද්ධීන් 3ක්ද, ස්වර්ණාභරණ සොරනම් කිරීමේ සිද්ධියක්ද වාර්තාවන බවද එහි සඳහන් වේ.
මේ අතර නව සංචාරක දත්ත අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතුරෙන් වැඩිම පිරිසක් පැමිණෙන රටවල් කිහිපය අතුර චීනය ද වේ.