ජපන් කාර් ලක්ෂ 5 ක් ආපසු


බි‍්‍රතාන්‍යයට අපනයන කළ මයික්‍රා වර්ගයේ මෝටර් රථ ලක්ෂ 5 ක් යළි ගෙන්වා ගැනීමට ජපානයේ නිසාන් මෝටර් රථ නිශ්පාදන සමාගම කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

මීට හේතුව ලෙස සමාගම සදහන් කරන්නේ මේ රථවල සුක්කානම ඉබේ ගැලවී රියදුරාගේ ‘‘අතට‘‘ පැමිණීමේ ගැටළුවක් ගැන වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබද සොයා බැලීමට සිය මෝටර් රථ නැවත කැදැවන බවයි.

මේ හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් දැනටමත් ජපානයේ සිදුව ඇති අතර අවදානමට පෙර සූදානම හොද හෙයින් මේ තීරණය ගත් බව නිසාන් සමාගම කියයි.

සුක්කානම සවිවීමට රුකුල් දෙන ඇණ මුරිච්චි හරි හැටි නැති සෙයක් පෙනෙන්නට ඇති බව දැනට සිදු කළ ඇති පරීක්ෂණ වලින් හෙළිව තිබේ.පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සැළැකිලිමත් වන සමාගමක් හැටියට මේ ගැටළුවට ඉක්මනින්ම විසදුම් ලබාදෙන බව නිසාන් සමාගම පවසයි.