ජපාන විද්‍යුත් සමාගම් ලංකාවේ ආයෝජනයට එයි


ජපානයේ ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග ක්ෂේත‍්‍රයේ මුල් පෙළ සමාගම් කිහිපයක නියෝජිතයෝ පිරිසක් ශී‍්‍ර ලංකාවේ ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිඹද සොයා බැලීම සදහා පසුගියදා දිවයිනට පැමිණියහ.

ඔවුන් අතර ටී.ඞී.කේ,සුමිඩා,එෆ්.ඞී.කේ. වැනි ප‍්‍රකට ජපාන ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග නිශ්පාදන සමාගම් වල නියෝජිතයෝ සිටියහ.

ලෝක වෙළදපොළේ ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග අලෙවි කටයුතු වල සියයට 40 ක කොටසක් ජපානයට හිමිය.

ආසියා කලාපයේ ජපානයේ ප‍්‍රධාන හවුල්කරුවා වන්නේ චීනය වන අතර ජපානය උත්සාහ කරමින් සිටින්නේ ආයෝජන අවස්ථා ඇති තවත් රටවල් හා සබදතා ඇති කර ගැනීමටයි.ශී‍්‍ර ලංකාව ජපානයේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති එවන් රටකි.

  ;