ශ්‍රී ලංකාව හා ජපානය අතර සබදතා තර කර ගැනීමේ අරමුණින් ජපානයේ ආර්ථීක වෙළද හා කර්මාන්ත සම්බන්ධ ඇමති කසුයොෂි අකාබා ප්‍රමුඛ දූත පිරිසක් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.
හමුවේදී ශ්‍රී ලංකාවට ඉන්දියා සාගර කලාපයේ ආර්ථීක හා වෙළද මධ්‍යස්ථානයක් ලෙස කි්‍රයාකාරී වීමට ඇති හැකියාව පෙන්වා දුන් ජපාන දූත පිරිස එමගින් ශී්‍රලංකාවට විශාල වාසියක් සළසා ගත හැකිවනු ඇතියද කීහ.
ජපානයට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ දැනටමත් කි්‍රයාත්මක ජපාන සමාගම් වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම,දෙපාර්ශවයටම වාසි සැළැසෙන කර්මාන්තමය හා ආර්ථීකමය අවස්ථා හදුනාගැනීම ආදී කරුණු පිළිඹදව හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කැරිණ.