ජ්‍යෙෂ්ඨයන්ට දඹදිව වඳින්න මිහින් ලංකා උදව් කරයි


රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික අය කිරීමේ පදනම මත දඹදිව වන්දනාව සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමට මිහින් ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත.

එළැඹෙන අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් දක්වා දඹදිව වන්දනා සමයේදී මිහින් ලංකා සමාගම රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අනුබද්ධිතව මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.