ජැකලීන්ගේ ‘කෑම සූත්‍ර‘ කඩයක් මුම්බායේ


ශ්‍රී ලාංකික කතක වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මුම්බායි නුවර අවහන්හලක් විවෘත කිරීමට සැරසෙතියි  හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අද (24) වාර්තා කළේය.

මීට වසර දෙකකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ සූපවේදියකු වන දර්ශන් මුනිදාස සමඟ එක් වී ‘කෑම සූත්‍ර‘ නමින් අවහන්හලක් කොළඹ දී ආරම්භ කිරීමට ජැකලීන් පියවර ගත්තාය. ඉන්දියාවේ ඇරඹීමට යනුයේ මෙම අවන්හල් ජාලයේ ම ශාඛාවකි.

ජැකලීන් සිය රංගන වෘත්තිය සඳහා වැඩි කාලයක් මුම්බායි නුවර ගත කරන නිසා සිය අවහන්හල් ව්‍යාපාරය මුම්බායි දක්වා ව්‍යාප්ත කිරීමට ඇය විසින් කටයුතු කරනු ලබන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසයි.