ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිවරිය වශයෙන් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායි සෙන්ට් රෙජීස් හෝටලයේදී පසුගිය 29 වැනිදා නිල වශයෙන් අත්සන් තබා ඇත.
එහිදී අදහස් දැක්වු ජැකලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රකාශ කර ඇත්තේ තම මව් රටේ නිල ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
සුපිරි ක්‍රිකට් තරුවූ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරති.