( තිළිණි ද සිල්වා )
‘ටුනා‘ මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීමට සැලසුම් කර එම කටයුතු සදහා රුපියල් මිලියන 26 ක මුදලක් වැය කිරීමට අපේක්‍ෂිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.
ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. එම විශාල මුදල රට තුළ රදවාගැනීම සදහා ටුනා මත්ස්‍යයින් සදහා භාවිතා කරන ඇම ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ලැබිණි .
පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම ඇම නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අධියරේ ඉලක්කය වසරකට කිලෝ එක්ලක්‍ෂ තිස් පන් දහසක් නිෂ්පාදනය කිරීමය .
එහි පළමු අධියරේ කටයුතු ආරම්භ කිරීම සදහා මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා චෙක්පත ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත ලබා දෙනු ලැබිය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඉකුත් 20 වැනිදා පැවති ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුව - 2018 හිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් මෙම චෙක්පත් ප්‍රදානය කළේය .
මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මියද එක්ව සිටියහ .