ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්


ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ලෙස සුපුන් වීරසිංහ මහතා පත් කර ඇතැයි එම ආයතනය පවසයි.

ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ලෙසද ක්‍රියාකරනු ඇත.ඔහු 1999දී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වී ඇති අතර එම ආයතනයේ කළමණාකාර අංශයේ විවිධ තනතුරු දරා තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හැදෑරීය.