( තිළිණි ද සිල්වා )
ඩිජිටල්කරණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර නව ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කෙරෙන බව විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අනින්දා (10) දිවයිනට පැමිණෙන ෆින්ලන්ත ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුරදී මෙම නව ගිවිසුමට එළැඹෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
මෙම නව ගිවිසුමට එළැඹීම සඳහා වන කැබිනට් අනුමැතිය මේ වන විට හිමි වී ඇත.
ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අත්සන් තැබෙන මෙම ගිවිසුම මඟින් මෙරට සයිබර් ආරක්ෂණය , ඉ-රාජ්‍ය ක්‍රමවේද ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහ යෝගිතාව වර්ධනය වනු ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය කියයි.
ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ලංකාව සහ ෆින්ලන්තය අතර ගිවිසුමක්
Recommended Articles