ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා තේ ප්‍රමාණය ඉහළ දැමීමට ඩුබායි රාජ්‍යය සැරසේ.
ඩුබායිහි වාර්ෂික තේ පරිභෝජනය කිලෝග්රෑම් ලක්ෂ 700 ක් පමණ වේ. ඉන් කිලෝග්රෑම් ලක්ෂ 200 ක් පමණ ආනයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවෙනි.
ශී්‍රලංකාවේ තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ගුණාත්මක භාවයට වැඩි තැනක් දී කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ තේ වලට ලොව පුරා හොද ඉල්ලූමක් පැවැතීමට හේතුව වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අන් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පරිසරයටත් අවම හානියක් ගෙන දෙමින් ක්‍රියාත්මක වන්නක් බව හෙතෙම කියයි.
ශ්‍රී ලංකා තේ ලොව පුරා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තමා චිලී,දකුණු අප්‍රිකාව හා වියට්නාමය යන රටවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.