ශ්‍රී ලංකාවේ සමස්ත ණයවලින් චීන ණයවල ප්‍රමාණය සියයට 1-0.6ක් පමණකැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
‘ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2017’ වාර්ෂික වාර්තාවට අනුව මෙරට සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 51.824ක් බව සඳහන් කරන චීන තානාපති කාර්යාලය එයින් ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 5.5ක් පමණක් යැයි ද නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
හම්බන්තොට වරාය හා චීන ණය පිළිබඳවත් චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදුන් බවටත් සඳහන් කරමින් ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ගවේෂණාත්මක ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වූ චීන තානාපති කාර්යාලය එම මාධ්‍ය හමුවේදී ණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉහත කරුණු සඳහන් කර ඇත.
ඊට අමතරව චීන ණයවලින් සියයට 61.5ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 3.38ක්) සහනදායී පදනම යටතේ දුන් ණය බවත් එම ණය මුදල් බොහෝමයක පොළී අනුපාතය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොළී අනුපාතවලට වඩා අඩු බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ
වාණිජ ණය ලබාදීමේදී සෑම විටම ණය ගන්නා පාර්ශ්වය සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අනුපාතවලට සරිලන අනුපාතයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
055
ඩොලර් බිලියන 51.824න් චීන ණය බිලියන 5.5ක් පමණයි - චීනය
Recommended Articles