ත්‍රිමලේ කර්මාන්ත පුරයක්


ඩොලර් කෝටි 400ක (රුපියල් කෝටි 53600) වියදමින් නැගෙනහිර පළාතේ ඉදිකෙරෙන කර්මාන්ත පුරයක් සදහා ඇමැති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය.

ව්‍යාපෘතිය සදහා මුදල් ආයෝජනය කරනුයේ ගේට්වේ වර්ල්ඩ්වයිඩ් නම් සිංගප්පූරුවේ සමාගමකි.

කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ ති්‍රකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේය.

කර්මාන්තපුරයේ වරායක්,වාහන එකළස් කිරීමේ පහසුකම්,නැව් අලූත්වැඩියා කිරීමේ පහසුකම් ආදිය ඇති කිරීමට සැළැසුම් කර තිබේ.

වසර 7 ක් ඇතුළත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.