ත්‍රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතී. ත්‍රී රෝද රථ හා ට්‍රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී ප්‍රමාණාත්මකව අඩු වී ඇත.
බජාජ් සමාගමේ වෙළෙඳපොල කොටස්ද 90% සිට 94% දක්වා වැඩි වී ඇති අතර ෆිනෑන්ස් පදනම මත මිළදී ගන්නා ත්‍රී රෝද රථ සංඛ්‍යාවද අප්‍රේල් මාසයේදී 57% සිට 60% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මෝටර් රථ ලියාපදිංචියද මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී අඩු වී ඇත. ඉලෙක්ට්‍රික් කාර් ලියාපදිංචියද අඩු වී ඇති අතර වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ NISSAN Leaf රථයි.
අති නවීන හා භාවිතා කරන ලද හයිබ්‍රිඩ් රථ දෙවර්ගයේම ලියාපදිංචියේද පහළ බැසීමක් එම මාස දෙක සංසන්දනය කිරීමේදී දක්නට ලැබේ.
Toyota Axio ලියාපදිංචිය අඩු වූ අතර Suzuki Wagon R ලියාපදිංචි කිරීම් වැඩිවීමක් වාර්තා වී තිබේ. යතුරු පැදි, වෑන්, SUV, ලොරි හා බස්ද ඇතුළුව බොහෝ වාහන වර්ගවල ලියාපදිංචි කිරීම් අඩුවී ඇති නමුත් අත් ට්‍රැක්ටර් හා ට්‍රැක්ටර් ලියාපදිංචිය ඉහළ ගොස් ඇත. බොහෝ වාහන වර්ගවල ලියාපදිංචිය අඩුවීමට හේතුව අප්‍රේල් මස එළඹෙන උත්සව සමය බව හඳුනාගෙන තිබේ.
- 062