තැරැව්කරු ලග්ගල ගොවීන් අමාරුවේ දමයි


රිකිල්ලගස්කඩ හා ලග්ගල ගොවීන්ට තක්කාලි කීයකටවත් විකුණා ගත නොහැකිවී ඇත. බොහෝ ගොවීන් තක්කාලි කුණුගොඩට දමා ඇතැයි ද ඇතැම් ගොවීන් ගොවිපොළේම කුණු වෙන්නට ඉඩ හැර ඇතැයි ද කියති.  දඹුල්ලේ තක්කාලි කිලෝව රුපියල් 10 හා 20 අතර පවතිද්දී තැරැව්කරුවකු ලග්ගල ගොවීන්ගෙන් කුණු කොල්ලයට ගත් උත්සහායක් නිසා එහි ගොවීහු අමාරුවේ වැටී සිටිති. ලග්ගල හෙක්ටයාර් 400ක තක්කාලි වවා ඇත. රිකිල්ලගස්කඩ ගොවීන් හෙක්ටයාර් 410 තක්කාලි වවා ඇතත් කිලෝවක රුපියල් දෙකකටවත් විකුණාගත නොහැකි තත්ත්වයකට මුහුණ පා සිටියදී කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ හල රුපියල් දහය ගණනේ මිලට ගැනීමට ඉදිරිපත් වී සිටියි.