තේ අර්බුදයට ණය යෝජනා ක්‍රමයක්


ලෝක වෙළඳ පොළේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින තේ කර්මාන්තශාලා සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ අනුව, සියලුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රාජ්‍ය හා වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර වසර දෙකක කාලයක් සඳහා 2%ක පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරයෙන් අදාළ බැංකු වෙත ගෙවීමට රජය පොරොන්දු වී තිබේ.

රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහතරට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ පහතරට තේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.