මෙරට තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා හිමියන්ට සහන ණය මුදලක් ලබා දීමට අගමැති නායකත්වයෙන් යුතු ආර්ථික කටයුතු අනුකාරක සභාව තීරණය කර තිබේ.
මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙම යෝජනා ක‍්‍රමය යටතේ තේ කර්මාන්ත ශාලාවකට එක් මාසයක ප‍්‍රාග්ධනයට සමාන මුදලක් සහන ණය මුදලක් ලෙස ලබා දෙන අතර එය ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක වේ.
සියයට අටක පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන මෙම සහන ණය මුදලේ පොළියෙන් කර්මාන්ත ශාලා හිමියා ගෙවිය යුත්තේ සියයට හයක් පමණකි.ඉතිරි සියයට 2 රජය මඟින් ගෙවනු ලැබේ.