ත‍්‍රි’මලේට නව ජැටියක්


ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් කෝටි 50000) වන අතර මෙයින් වරායේ නව ජැටියක්, කන්ටේනර් හැසුරුම් මධ්‍යස්ථානයක් හා විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම යෝජනා ක‍්‍රමයෙන් ඍජු හා වක‍්‍ර රැකියා 25,000ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධිකාරක සමාගම වන ගේට්වේ කර්මාන්තායතනයේ සභාපති ප‍්‍රභාත් නානායක්කාර මහතා කියයි.