දඹදිව යන්න මිහින් ලංකා මෙවරත් අතදෙයි


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික වශයෙන් අය කිරීමේ සහන පදනම මත දඹදිව වන්දනාවේ යාමට ගුවන් ටිකට්පත් ලබාදීමට මිහින් ලංකා සමාගම මේ වර්ෂයේද තීරණය කැර ඇතැයි එම සමාගම පවසයි.

මේ වසරේ දඹදිව වන්දනා සමය පෙබරවාරි මස ඇරඹේ.

මේ සහනය ලබාගැනීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ට අයදුම්පත නිකුත් කිරීම මිහින් ලංකා සමාගම මගින් සිදු කළ හැක.