දඹුල්ලේ එළවළු ගිනිගණන්



(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත්  සමග එළවළු තොග සහ සිල්ලර මිල විශාල වශයෙන්  ඉහළගොස් ඇත.

විශේෂයෙන් දඹුල්ල වෙළඳපලට  කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රුපියල් 150 ත් 220ත් තොග  මිලක් පවතින බැවින් එම මිලටවත්  වඩා වැඩි මිලක් සිල්ලර වෙළදපලේ පවතී .

25  දින වනවිට දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවලු වර්ග කීපයක තොග මිල මෙසේය .

මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහලගොස් ඇති බව සිල්ලර වෙළදපොල ට ගොස් සොයාබැලීමේදී අනාවරණය විය .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටින්නේ වෙනදා අක්කර දෙක තුන වගාකළ පිරිස අක්කර කාලට බාගෙක එළවළු වගාකර තිබෙන බවයි. එයට හේතුව වන්නේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළයාම සහ රටේ පවතින වෙනස්වූ  කාලගුණික තත්වය බලපෑ බවය.

එළවළු වගාව අඩුවීම, නියඟය, ජලය වැඩිවීම, වගාවට අවශ්‍ය කෘෂි උපකරණ, බීජ පොහොර, තෙල් ආදී වෙළෙන්ඳන්ගේ හිතුමතේට අලෙවි කළද, කිසිදු බලධාරියකු ගේ අවධානයක් යොමු නොවී තිබීම නිසා මේ තත්වය උදා වී ඇති බවය .

එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්ඳන් කිවේ මුදල් දී රැගෙන යන එළවළු මිලදී ගන්නා පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් මිලදී ගන්නා බවත්, කිලෝවක් ගත්කෙනා ග්‍රෑම් 250ක් මිලදී ගන්නා බවය.

එමෙන්ම මේ දිනවල එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්ඳන්ගේ වැඩිවීමක් පැවතියද ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීම මේ තත්වයට බලපා ඇති බවය.

මෙහිදී එක ගොවියකු අපට සිල්ලර වෙළද පළේදී හමුවිය .එම ගොවි මහතා වම්බටු ගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානයේ තබා කිලෝවක් රු 80 බැගින් විකුණා නිවසට යන අතර තුරදී සිල්ලර වෙළදපලකට ගොස් වම්බටු ග්‍රෑම් 500ක මිල විමසීය. එතැන ග්‍රෑම් 500 ක මිල රුපියල් 100ක් බව ගොවිමහතා පැවසීය.