දැයට කිරුළෙන් දිසා හතරකට කිරුළ


මෙවර අම්පාරේදී පැවැත්වීමට නියමිත දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෟතීන් රැසක් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ආරම්භ කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සැරසේ.

කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පානීය ජලය, විදුලිය යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 10650 කි.

දැයට කිරුළ ප්‍රදර්ශනය මෙම මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර   ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ ‘නැගෙනහිර ආශ්චර්යය‘  යන්නයි.ප්‍රදර්ශනයේදී ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම වැඩසටහනේ මෙතෙක් සාර්ථකත්වය හා ඉදිරියේදී

සිදුකිරීමට නියමිත වැඩකටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරීමටද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වේ.