ක්ෂණික ණය පහසුකම් සැපයෙන දිවි නැගුම ව්‍යාපෘතියේ සහන අරුණ වැඩසහටන පසුගියදා (1) ආරම්භ වී දින දෙකක් ගතවී ඇති තැන එයින් මේ වන විට රුපියල් ලක්ෂ 7400 ක ණයක් ලබාගෙන ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
පහසුවෙන් මුදල් ලබාගත හැකි ණය ක්‍රමයක් ලෙස හදුන්වාදුන් මෙම වැඩසටහනෙන් රුපියල් 50000 ක උපරිමයකට යටත්ව මුදල් ලබා ගත හැකි බවත්, ණය ලබාගැනීම සදහා වයස් සීමාවක් හෝ ඇපකරුවන් සිටීමක් හෝ සළකා නොබැලෙන බවත් අමාතංශය කියයි.
කෘෂිකර්මය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, පේෂකර්ම කර්මාන්තය ආදී ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා මෙම ණය ලබාදීම සිදුවේ.