දියර ගෑස් බලාගාරයක් හම්බන්තොට


 ශ්‍රී ලංකාවේ ස්වභාවික දියර ගෑස් පර්යන්තයක් හා බලශක්ති යන්ත්‍රාගාරයක් පිහිටුවීම සදහා ශ්‍රී ලංකාව එනර්ජි වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් නම් හොංකොං සමාගමට ඇමෙරිකා ඩොලර් කෝටි 135ක් ආයෝජනය කිරීමට අවසර දෙයි.

හම්බන්තොට වරායේ මෙම යන්ත්‍රාගාරය පිහිට වෙයි.

මෙම ගෑස් හම්බන්තොටින් අපනයනය කිරීමටත්, සම්පීඩනය කළ ගෑස් වාහන හා නැව්වලට සැපයීමටත් ශ්‍රී ලංකා රජය සැරැසෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය මිලට ගැනීමට එකඟවෙතොත් ස්වභාවකි දියර ගෑස් උපයෝගී කරගනිමින් මෙගාවොට් 1200ක විදුලි බලාගාරයක් ඉදි කිරීමට ද එන්ර්ජි වර්ල්ඩ් යෝජනා කරයි.