දුම්රිය ගේට්ටු කඩිනමින්


පසුගිය සමයේ වාර්තා වූ දුම්රිය - රථවාහන අනතුරු ගැන සළකා බලා රට පුරා ඇති සියලූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට රේල් ගේට්ටු හා සංඥා උපකරණ සවිකිරීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී.

රේල් ගේට්ටු ඉදිකිරීම සදහා දේශීය මෙන්ම විදේශීය සමාගම් වලින් ටෙන්ඩර කැදවීමට නියමිතය.

මීට අමතරව රියදුරන්ට දුම්රියක් පැමිණෙන බව හදුනාගැනීම අපහසු වනසේ දුම්රිය හරස් මාර්ගයන් අවට ඉදිකර ඇති ඉදිකිරීම් ඉවත් කිරීමටත් දුම්රිය හරස් මාර්ගයන් ආසන්නයේ මාවත් වල වේග ගැටිති ඇතිකිරීමටත් කටයුතු කෙරෙනු ඇත.