දුම්වැටියක මිල රුපියල් 55 දක්වා අයවැයෙන් වැඩිකිරීමට පියවර ගනු ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
මෑතදී සිගරට් මිල රුපියල් 7කින් වැඩිවිය.
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% කිරීම නිසා එසේ මිල වැඩිවන බවත් සුරුට්ටු බීමෙන් ද සෞඛ්‍යයට හානියක් සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් සිගරට් මිල වැඩිකළද සුරුට්ටු පානය සඳහා යොමු නොවිය යුතු බව සේනාරත්න මහතා අවධාරණය කළේය.
සියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල වැට් බද්ද වැඩි කළ යුතු බවත් සෞඛ්‍ය සේවාවේ සියලු වැට් බදු ඉවත් කළ යුතු බවත් තමා රජයට යෝජනා කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.