ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු 111 ක සිටින හැටහත්දහසක් පමණ වන දෙමළ සරණාගතයින් අතරින් බහුතරය ඉන්දියාවේම නතරවී හෝ වෙනත් රටකට යෑමේ හෝ කැමැත්තෙන් සිටින බව ටාටා අධ්‍යාපන ආයතනයේ සමාජ විද්‍යා අංශය සිදු කර ඇති සමීක්ෂණයකින් අනාවරණයව තිබේ.
ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමැත්ත පළ කර ඇත්තේ පවුල් 520 ක් පමණකි.
‘‘ඉන්දියාවේ ජීවත්වීමට ශ්‍රී ලංකා දෙමළ සරණාගතයින්ට ඇති ඉඩ‘‘මැයෙන් සිදුකෙරී ඇති සමීක්ෂණයෙන් යටිතල පහසුකම්, ජීවන වෘත්තියේ යෙදීමට ඇති පහසුකම් සහ ආරක්ෂාව යන නිර්නායකයන් යටතේ සරණාගතයින්ගේ මතයන් සැළකිල්ලට ගෙන ඇත.
ඉන්දියාවේම ජීවත්වීමට කැමති බහුතරය එරට සමාජ සුභසාධන වැඩසටහන් වලින් ආධාර ලබන්නන් වන අතර වෙනත් රටකට ජීවත් වන තම ඥාතීන් සිටින්නන් ඔවුන් වෙත යෑමට කැමැත්තෙන් සිටී.
ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති පවුල් නැවත පදිංචි වීමට තෝරාගෙන ඇති ප්‍රදේශ අතරින් ඉහළම ස්ථානවල ඇත්තේ මන්නාරම හා වව්නියාවයි.
සමීක්ෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විගනේෂ්වරන්ද අවධානය යොමුකර තිඛෙන අතර සරණාගතයින්ගේ සහජ දක්ෂතාවයන් හා හැකියාවන් පිළිඹඳවද සොයාබැලිය හැකි නම් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නවුන්ට වඩාත්ම සුදුසු රැකියා අවස්ථා සපයා දීමටද හැකියාව ලැඛෙන බව ඔහු සමීක්ෂකයින්ට පෙන්වාදී ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවියේ පළව ඇති ලිපියක දැක්වේ.
සරණාගතයින්ට ඉන්දියාවේම රැදී සිටීමට, නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට, වෙනත් රටකට සංක්‍රමණය වීමට, ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු බව සමීක්ෂණයේ නිර්දේශය වී ඇත.