දේශීය ආහාර රස බැලිය හැකි ‘සිතමු‘ දින තුනක්


උපන් දිනය වෙනුවෙන් පැලයක් සිටුවන්නට කැමැත්තෙන් සිටින එහෙත් ඒ සඳහා බිමක් නැති ජනතාවට හොරණ කනන්විල ප‍්‍රදේශයෙන් අක්කර පනහක් වෙන් කළ බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා අද (16) කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන ‘සිතමු‘ දේශීය ආහාර ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.

එසේ සිටුවන ගස් රජය බලා කියා ගන්නා බවත් කැමති විටෙක එහි ගොස් තමන් සමඟ වැඩෙන තමන් සිටවූ ගස බලන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

කොළඹ ග‍්‍රීන්පාත් පෙදෙසේ හා විහාර මහා දේවි උද්‍යානයේ පැවැත්වෙන ‘‘සිතමු’’ ආහාර ප‍්‍රදර්ශනය වෙනුවෙන් දේශීය ආහාර නිෂ්පාදන රැසක් සහිත කුටි ගණනාවක් නිර්මාණය කර ඇති අතර විවිධ ආහාර වර්ග රස විඳීමේ හැකියාවද නැරඹීමට පැමිණෙන අයට හිමිවේ. 14, 15 හා 16 දිනවල පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

IMG_0626 IMG_0635 IMG_0640 IMG_0644 IMG_0704