දේශීය කර්මාන්ත සඳහා පැනවු වැට් බද්දෙන් දේශීය කර්මාන්ත අනතුරේ



( නාලක සංජීව දහනායක)

රජය විසින් ඇඟළුම් කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සඳහා  15 %  වැට් බද්දක් පැනවීම තුළින් දේශීය කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(2) පැවසීය.

තමන්ට හිතෙන හිතෙන ආකාරයට බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් රජයේ බදු ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විකාරරූපී වී ඇතැයිද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද  (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.