ධනුෂ ව්‍යාපාරය රිදී ජුබිලිය සමරයි


ෆයිබර් බෝට්ටු සහ ධීවර ආම්පන්න නිෂ්පාදනයේ ජාත්‍යන්තර නමක් දිනා සිටින ධනුෂ සමූහ ව්‍යාපාරයේ  විසිපස් වැනි සංවත්සරය නිමිත්තෙන්  ෆයිබර් බෝට්ටු නිෂ්පාදන අලෙවි  ප්‍රදර්ශනාගාරයක් සභාපති ජී සුමිත්‍රපාල ප්‍රනාන්දු  මහතා සහ එම මහත්මියද විදේශිය නියෝජිතයින්ගේද ප්‍රධානත්වයෙන් සිදු විය.1989 දී ආයතනය පිහිටැවිණි.

පානදුර පරණ ගාලු පාරට මායිම්ව ගොරකානේ ටී එම් එස් ප්‍රදර්ශනාගාරය නමින් ඇරැඹි මෙම ආයතනයේ බෝට්ටුවේ සිට බිලී පිත්ත දක්වා ධීවරයින්ට අවශ්‍ය ධීවර ආම්පන්න ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

විසිපස්වැනි සංවත්සරය නිමිත්තෙන්  වසර විසිපහක්  සේවය සම්පුරණ කළ පහළොස් දෙනෙක් සම්මාන ද ලදහ.

ධනුෂා සමුහ ව්‍යාපාරයේ සභාපති ජි සුමිත්‍රපාල ප්‍රනාන්දු මහතාකියා සිටියේ වසර විසිපහක් පුරා බාධක මැඩගෙන පැමිණි ගමනේදී තම ආයතනයේ සේවක මඩුගල්ල තමාට විශාල ශක්තියක් වු බවයි.

_MG_1778 C01_1191 DSC09474