නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට



(රංජන් කස්තුරි)


නව දේශිය  ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති  මංගල සමරවීර මහතා පැවසීය.


බදු අයකිරීම, බදු ව්‍යුහයේ  වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් මෙම පනතට ඇතුළත් වේ.


නව දේශීය ආදයම් පනතට අනුව  උපයනවිට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද මංගල සමරවීර මහතා පැවසීය.


මීට අමතරව මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා සියයට 5ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසිය.


සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් සියයට 2 සිට සියයට 10 පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර නව පනතින් පොලීසය මත අය කෙරෙන සියයට 5 ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ.