කොළඹ නව රෝහලේ නවතම සී ටී ස්කෑනරය රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ස්කෑනරය දකුණු ආසියාවේ රෝහලක ස්ථාපිත කළ මුල් අවස්ථාව මෙයයි.
ජපානයේ ටොෂිබා සමාගම මෙම යන්ත්‍රය නිෂ්පාදනය කැර ඇත.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන ඇමැති ඒ එච් එම් ෆවුසි යන මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.