( ජුඩ් සමන්ත)
සාර්ථක ලෙස තමන් පැණි දොඩම් වගා කර ඵලදාව ලබා ගත්තත් ඒ සදහා යහපත් මිළක් නොමැති බව නවගත්තේගම ප්‍රදේශයේ ගොවීන් සදහන් කරයි.
නවගත්තේගම - මහඅන්දර වැව ප්‍රදේශයේ අක්කර 500 කට වැඩි ප්‍රමාණයක පැණි දොඩම් වගා කර ඇති අතර අක්කරයකට පැණි දොඩම් පැල 500 ක් පමණ සිටුවා වසර දෙකකින් අනතුරුව වසර 10 ක කාලයක් දක්වා අස්වැන්න ලබා ගත හැකි බවත් ගොවීන් සදහන් කරයි.
තමන් විසින් වගා කරන පැණි දොඩම් සදහා කිසිදු රසායණික පොහොරක් හෝ කෘමි නාශක යෙදීමක් සිදු නොකරන බවද ඔවුන් පවසයි.
එමෙන්ම නියං සමයේ වුවත් හොද පළදාවක් පැණි දොඩම් වගාවෙන් ලබා ගත හැකි බවද ඔවුන් සදහන් කරති. එමෙන්ම වන අලින්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් පැණි දොඩම් වගාවන්ට බලපෑමක් නොමැති නිසා ගොවීන් බොහෝමයක් පැණි දොඩම් වගාවට යොමු වී ඇති බවද නවගත්තේගම ගොවීන් පෙන්වා දෙයි. නමුත් තමන් විසින් වගා කර වෙළද පලට ගෙන යන පැණි දොඩම් වලට මිළක් නොමැති වීම ගැටළුවක් බවද ඔවුන් සදහන් කරයි.
මේ වන විට විදේශ රටවල් වලින් ගෙන්වන විවිධ දොඩම් වර්ග වෙළදපලේ අලෙවිය සදහා තිබීම තම අස්වැන්න අලෙවි කිරීමට නොහැකි වීමට හේතුව වී ඇති බවද ගොවීන් පෙන්වා දෙයි. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස රජය හෝ පුද්ගලික අංශ මැදිහත් වී තමන් විසින් වගාකරන පැණි දොඩම් මිළදී ගැනීමට කටයුතු කරන්නේ නම් වගා කටයුතු තව තවත් වැඩි කළ හැකි බවද ගොවීහු පවසති.