නුගේගොඩ නෙපා අන්තර්ජාලයට


නුගේගොඩ ව්‍යාපාරිකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකතුවේ තෙවැනි වාර්ෂික සම්මේලනය  හා  එහි නිල වෙබ් අඩවිය නෙපා  ( www.nepa.lk) විවෘත කිරීම තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාව්  හෝටලයේදී  පැවැත්විණි.

ව්‍යාපාරිකයන්ගේ  හා විවිධ වෘත්තීන් හි නියුතු වුවන්ගේ හා  ප්‍රදේශයේ ජීවත් වන්නාවුන්ගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් නුගේගොඩ සිරි ධම්මාරාම විහාරාධිපති  බෝගම්බර රතනජෝති  හිමියන්ගේ  මුලිකත්වයෙන් 2010 වර්ෂයේදී මෙම ව්‍යාපාරික එකතුව පිහිටැවිණි.

ව්‍යාපාරික එකතුව ආරම්භයේදී සිට එහි දියුණුව උදෙසා කැපවී සේවය කළ ව්‍යාපාරිකයන් හතර දෙනකු සදහා සම්මාන පිරීනැමීමක්ද එහිදි සිදු විය.

ව්‍යාපාරික එකතුවේ  ගිහි අනුශාසක අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසුයේ  වසර තුනක් වැනි කෙටි කාලයකදී සමාජීය,සංස්කෘතික, ආගමික සහයෝගීතාව ගොඩ නැංවීම සදහා  විශාල දායකත්වයක්  ලබා දී ඇති බවත් තමන් එය අගය කරන බවයි.

නුගේගොඩ සිරි ධම්මාරාම විහාරාධිපති  බෝගම්බර රතනජෝති හිමියෝද අනුශාසනාවක් කළහ. 

මහචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී,සනත් නන්දසිරි,එඩ්වඩ් ජයකොඩ්,චරිතා ප්‍රියදර්ශනී පීරීස් ඇතුළු කලාකරුවෝ රැසක් ද නුගේගොඩ ව්‍යාපාරික ප්‍රජාව හා වෘත්තියවේදීහු රැසක් ද මේ අවස්තාවට එක් වුහ.