නොරොච්චෝලේ කරච්චලයක් නැතිලු


නොරච්චෝලේ ගල් අගුරු බලාගාරයට වඩා සාම්පූර් ගල් අගුරු බලාගාරයේ කාර්යක්ෂමතාව අඩුයැයි පැතිර යන කටකතා වල කිසිදු

සත්‍යතාවක් නැතැයි විදුලිබල මණ්ඩලය කියයි.

සාම්පූර් බලාගාරයේ සැළැසුම් තවමත් සම්පූර්ණ කර නොමැති බව සදහන් කරනා විදුලිබල මණ්ඩලයේ ආයතනික මූලෝපායන් අංශයේ අතිරේක කළමණාකාර ජෙනරාල් බන්දුල තිලකසේන මහතා පවසන්නේ සාම්පූර් බලාගාරය කිසිලෙසකින්වත් නොරච්චෝලේ බලාගාරයට වඩා අඩු කාර්යක්ෂමතාවයකින් යුතු වනසේ ඉදිකිරීමට කිසිදු වුවමනාවක් නැති බවයි.

සාම්පූර් බලාගාරයේ ඉදිකෙරෙනුයේ ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙනි.දැනටමත් බලාගාරයේ මූලික ඉදිකිරීම් සදහා සමාගමක් තෝරාගෙනත් අවසන් බව තිලකසේන මහතා සදහන් කරයි.