හර්ෂණ තුෂාර සිල්වා
පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය එක්ව තෙවැනි වරටත් පවත්වනු ලබන ‘පාකිස්තාන වෙළෙඳ ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනවාරි 12 වැනිදා සිට 14 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ප්‍රජාවට පාකිස්තානයේ නිෂ්පාදිත භාණ්ඩ සහ සේවා ප්‍රදර්ශනය කිරීම සහ එරට නිෂ්පාදනවලට ශ්‍රී ලංකාව තුළ ඉහළ අවස්ථාවක් නිර්මාණය කිරීම මෙම වෙළෙඳ ප්‍රදර්ශනයේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසරකට සිදුවන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතුවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වේ.