පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන ‘‘ගුවන්‘‘ අධිවේගී මාර්ගයක මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පොළවින් ඉහළට ඔසවා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයෙන් රථවාහන තදබද අවම කර ගමන් කාලය ඉතිරි කර ගැනීම අරමුණු කෙරේ.
පාලමේ මූලික කටයුතු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් මාර්ග සංවර්ධන අධිකාරිය හා ඕස්ට්‍රේලියාවේ එච්.ඒ.එස්.එස් සමූහය අතර අත්සන් තැබීමට නියමිතය.
ව්‍යාපෘතියේ එක් අංගයක් වන කැළණි ගඟ හරහා ඉදිකෙරෙන අලූත් පාලමේ කටයුතු ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) යටතේ වෙනම ක්‍රියාවට නැංවේ.
අධිවේගී මාර්ගය පිළිඹඳ සැළැස්ම මේ වන විට අධ්‍යනය කර සහතික කරද අවසන් අතර ඒ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ ආසියා සංවර්ධන බැංකුවයි.