මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය හා 1968 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත කැරිණි.
1968 අංකයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහාමාර්ග අමාත්‍යංශය පිළිබඳ ඕනෑම තොරතුරක් ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ඇතැයි එම අමාත්‍යංශය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලම්, මහාමාර්ග, අධිවේගීමාර්, ව්‍යාපෘති, මාර්ග පද්ධතිය ගැන අධ්‍යාපන තොරතුරු, විවිධ ප්‍රදේශවලට ඇති දුර හා ගතවන කාලය පිළිබඳ තොරතුරු ආදි එම අංකයෙන් දැන ගත හැකි බවත්, ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතා පිළිබඳ දැනුම් දිය හැකි බවත් අමාත්‍යංශය සඳහන් කරයි.