පාරිභෝගික භාණ්ඩ 6කට උපරිම මිල සීමා අද සිට


අයවැයෙන් යෝජනා කළ පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6 කට අද (24) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව ආනයනික හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 410 ක්, පරිප්පු වර්ග කිලෝවක් සඳහා රුපියල් 169ක්, දේශීය නිෂ්පාදිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රුපියල් 295 ක් හා කිලෝවේ පැකට්ටුවක් සඳහා රුපියල් 735 ක්, කට්ට කරවල කිලෝ එකක් රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝවක් රුපියල් 425 ක් සහ කඩල කිලෝවක් රුපියල් 169ක් ලෙස උපරිම මිලකට යටත්වේ.