පොදුරද මඩුලු ලේකම් ජනපති හමුවෙයි


උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා ඉදිරියටත් පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවට සහය වනු ඇතැයි එහි ලේකම් ජෙනරාල් කමලේෂ් ෂර්මා ඊයේ (27) අරලියගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණු පොදුරද මඩුළු සමුළුවේදී එකඟවූ කරුණු කාරණා හා ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමට නියමිත ඉලක්කයන් පිළිඹඳවද මෙම හමුවේදී දෙපාර්ශවයේ අවධානය යොමු විය.

තම ශ්‍රී ලංකා සංචාරය පොදුරද මඩුළු සමුළුවට පසු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය දැක බලා ගැනීමට සිදුකළ ගවේෂණ චාරිකාවක් ලෙස හැඳීන්වූ කමලේෂ් ෂර්මා තමන් ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉහළින්ම සෑහීමට පත්වන බව කීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කටයුතුද ඔහු අගය කළේය.