පොන්ටෙරා කිරි නොමිලේ පාසලට?


ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන්ට නොමිලේ කිරි ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙන බව නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය කිරි නිශ්පාදනයට හොද තැනක් ලබාදීමේ අරමුණ ඇතිව ෆොන්ටෙරා සමාගම දිවයිනේ ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘති රැසක් අතුරින් එකක් ලෙස මෙය හඳුන්වාදී තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යාපාරික දූත පිරිසක් මේ සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා සාකච්ඡා කර ඇතැයිද සදහන්ය.

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණදෙන දුෂ්කරතාවන්ද සැළකිල්ලට ගෙන ඇති සමාගම ගම්පහ ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහාද මුල්ගල තබා ඇත.

බියගම පිහිටි ෆොන්ටෙරා සමාගමට අයත් කිරි සැකසුම් මධ්‍යස්ථානයට දිනකට කිරි ගොවීන් 4000 ක ගෙන් පමණ කිරි සැපයේ.මධ්‍යස්ථානයෙන් දිනකට කිරි ලීටර 30000 ක් පමණ සැකසේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිරි නිශ්පාදනය සැළකිය යුතු තරම් ඉහළ ගොස් තිබෙන බව පවසන සමාගම් ආරංචි මාර්ග එය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.

පසුගිය සමයේ ඇන්කර් කිරි පිටි මුල්කරගෙන ගැටලූකාරී තත්ත්වයක් මතු වුවද ශ්‍රී ලංකාව හා නවසීලන්තය ඇතිකරගෙන තිබෙන කිරි නිශ්පාදන සම්බන්ධයෙන් වන සහයෝගීතා එකගතාවයෙන් එම ගැටලූ විසඳා ගතහැකිවූ බවද එම ආරංචි මාර්ග කියයි.

දෙරට අතර ඇතිකරගෙන තිඛෙන එකඟතාවයට අනුව ඉදිරියේදී පශු වෛද්‍යරුන්ට විශේෂ පුහුණු සැසි, සතුන්ගේ පෝෂණය නැංවීමේ වැඩසටහන්, ආදිය දියත් කිරීමට නියමිතව ඇත.