ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන තිබෙන එකඟතාවක් අනුව ටොන් 50000 ක සහල් තොගයක් මෙරටට අපනයනය කිරීමට බංගලිදේශය සූදානමින් සිටී.
රටෙහි ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් වෙනත් රටවල් වලට සහල් අපනයනය කිරීම තහනම් කර ඇතත් බංගලිදේශ රජය ශී‍්‍රලංකා රජයේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත.
නියඟයෙන් අස්වනු හානි වීම නිසාවෙන් මෙසේ බංගලාදේශයෙන් සහල් ආනයන කරවා වෙළදපොලේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම රජයේ අරමුණ වී ඇත.
බංගලාදේශය මුලින් සහල් ටොන් එකක් ඩොලර් 493 (රුපියල් 64410.43) කට මිල කර තිබුණද පසුව ශී‍්‍රලංකාව යෝජනා කර තිබූ ටොන් එකකට ඩොලර් 450 (රුපියල් 58792.48) ක මිලට සහල් ලබා දීමට තීරණය කර තිබේ.
කෙසේවුවත් තවමත් ශී‍්‍රලංකා රජය මිල සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව සදහන්ය.
නිවේදනය ලැබුණු විගස සහල් අපනයනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව බංගලාදේශ බළධාරීන් කියයි.