බත් පැකට්ටුව දහයකින් නගී


බත් පැකට්ටුවක මිල සඳුදා (18) සිට රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සංවිධායක අසේල සම්පත් මහතා පැවසූයේ රටේ හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

‘මෙම තීරණය ගත්තේ ලාබ ලැබීමට නොවෙයි. දිනෙන් දින හාල් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් එළවළු කෑම පැකට්ටුවක මිල රුපියල් 100ක්. එය රුපියල් 110 දක්වා ද මාළු කෑම පැකට්ටුවක් රුපියල් 130 සිට රුපියල් 140 දක්වා ද කුකුළු මස් කෑම පැකට්ටුවක මිල රුපියල් 160 සිට රුපියල් 170 දක්වා ද ඉහළ දමා තිබෙනවා. හාල්වලට පාලන මිලක් ඇති කිරීමට රජය අපොහොසත්ව තිබෙනවා‘ යැයි ද ඔහු කියයි.