එන්.ඩි.බී බැංකුව හා ඞී.එෆ්.සී.සී බැංකුව එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බව එම බැංකු වල සභාපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
බැංකු දෙකෙහි එකතු වීම රජයේ ආර්ථික ප‍්‍රතිපත්තීන් මත පිහිටා සිදුරන්නක් බව එම නිවේදනයේ දැක්වේ.ආයතනයන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙසේ එකම ව්‍යුහයන් ඇති ආයතනයන් එකට එක් කර එක් ආයතනයක් ලෙස කි‍්‍රයාවට නැංවීම යෝග්‍ය වන්නේ යැයි රජයේ අදහසයි.
කෙසේ වෙතත් එවන් එක් කිරීමක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නිවේදනයේ සදහන්ය.කුමන තීරණය ගත්තද එය බැංකු වල සේවකයින්ගේ,තැන්පත්කරුවන්ගේ හා කොටස් හිමියන්ගේ හිතසුව පළමු කොට සළකාම ගනු ලබන බව නිවේදනයේ දැක්වේ.