වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් බී.සී.සි.(බිට්‍රිෂ් සිලොන් කෝපරේෂන්) ආයතනයෙහි නිල වෙබ් අඩවිය විවෘත කීරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (26) විවෘත කළේය.
1918 දී බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ මෙරට ආරම්භ කරන ලද බී.සී.සී. ආයතන පොල්තෙල්, සබන් හා විවිධ සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙළඳපොළට ඉදිරිපත් කරයි. පසුගිය රජය විසින් වසා දැමීමට තීරණය කැරැණු මේ ආයතනය නව රජයේ දින 100 වැඩ පිළිවෙල යටතේ නැවත නඟා සිටුවීමට තිරණය විය.
විශේෂ රක්ෂණ ආවරණ නිළ ඇදුම් ද සහ සේවක දු දරුවන්ට අධ්‍යාපන උපකරණ ද සේවක වරප්‍රසාද අතර වෙයි. අමාත්‍යංශ ලේකම් අනුර විජයවික්‍රම , බී.සී.සී ආයතනයේ සභාපති රාජා පුෂ්පකුමාර , ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ බිරිඳ ෂාමෙන් කිරිඇල්ල, දියණිය චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වුහ.