ශ‍්‍රී ලංකා වරලත් භෞත චිකිත්සක සංගමයට අනුග‍්‍රාහකත්වය සපයන ‘පිසියෝ ලයිෆ් කෙයාර්‘ ආයතනයේ නවතම ශාඛාව කෑගල්ල රුවන්වැල්ලේදී විවෘත විය.
ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නවීන අංගෝපාංග සහිත මෙම නවතම ශාඛාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විස්සක සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී විජේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. ආයතනය ජාත්‍යන්තර තලයට රැගෙනයෑමට කටයුතු කරන බව එහි සභාපති ආචාර්ය සුජීව වීරසිංහ මහතා පවසයි.
කබලූමුල්ල රජමහා විහාරයේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ පී.අයි.කේ.බී. රණසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් මන්ත‍්‍රී නිහාල් ෆාරුක්, බුලත්කොහුපිටිය මහජන බැංකු කළමනාකාරිනී අනූෂා අලහකෝන් යන මහත්ම මහත්මීහු රැසක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.