විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සතියේදී බෙල්ජියමේ බ්‍රසල් නුවරදී යුරෝපා සංගමය සමග පැවැත්වු සාකාච්ඡා පලදායක බව යුරෝපා සංගමය කියයි.
නීතිවිරෝධි හා වාර්තා නොවූ හා නියාමනය නොවන ධීවර කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත්, මෙරට ධීවර ක්ෂේත්‍රය පාලනය කිරීමටත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමටත් ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකාව එකඟ වූ බව එම යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව ගන්නා එම ක්‍රියාමාර්ග බලා සෑහිමකට පත් වූ පසු යුරෝපා සංගම් සාමාජිකයන් හා සාකච්ඡා කර ශ්‍රි ලංකාවේ මාළු මිලට ගැනීමට එරෙහිව පනවා ඇති තහනම ළිහිල් කිරීමට කටයුතු කරන බවත් යුරෝපා සංගමය දන්වා සිටියි.
යුරෝපා සංගම වෙළෙඳපොළේ මාළු වෙළඳාමේ වාර්ෂික අගය ඇස්තමේන්තුගත ලෙස යුරෝ කෝටි 1000(රුපියල් ) වන අතර නීතිවිරෝධි ලෙස මාළු ටොන් 11ත් 26ත් අතර ප්‍රමාණයක් අල්ලා ගනිතියිද එම නිවේදනයේ සඳහන් කර ඇත.