මඩකලපු ආයෝජනයට අත වනයි


නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව කෟෂිකර්මාන්ත හා ධීවර ක්ෂේත්‍ර වල පවා ආයෝජන අවස්ථා ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. රජය නැගෙනහිර පළාතේ ඉදිකිරීම් වෙනුවෙන් හා සංචාරක පුනරුදයක් ඇති කිරීමට මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර තිබේ. ඒහා සමාන සැළකිල්ලක් පෙර කී ක්ෂේත්‍ර වලටද දැක්වීමෙන් දහස් ගණනක් ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. ඒ සදහා තමන් හා එක්වන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඔවුන් ආරාධනා කරයි.