91 වැනි ලෝක සකසුරුවම් දිනය නිමිති කොට "මතින් තොර රටක් සදහා දුමිවැටි සහ මධ්‍යසාර වලින් තොර නිවසින් ඉතිරි කිරීම " යන පණිවිඩය ජනතාව වෙතට ගෙන යාම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගම්පහ අංක 2 ශාඛා කාර්ය මණ්ඩලය ගමිපහ නගර පුරා අත් පත්‍රිකා බෙදාහැරියේය. ශාඛා කළමනාකාර ටී.සී.එමි.ආර්.කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සේවකයෝ පාගමන සහාභාගී වූ අතර අත් පත්‍රිකා බෙදා හරිමින් වාහනවල ස්ටිකර් ඇලවීම සිදු කළහ.
මතින් තොර රටක් හදන්න ඉතිරි කිරීමේ බැංකුවත් එක් වෙයි
Recommended Articles