මතුරට වැවිලි සමාගමෙන් තේ කර්මාන්තයට තල්ලුවක්


ලෝක වෙළඳපලේ තේ මිල පහත වැටීම හේතුවෙන් ඇතිවී ඇති අර්බුදයට පිළියම් යෙදීමට මතුරට වැවිලි සමාගම අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරි සුබාස් අබයවික්‍රම මහතා පවසයි.

මතුරට වැවිලි සමාගමට අයත් කබරගල වතුයායේ වෙල්ලකැලේ වත්තට අයත් අක්කර 125ක පදිංචි පවුල් 46ක් සදහා අක්කර 2 1/2 බැගින් බෙදා දි ඇති අතර එක් එක් පවුල් අතර බදු ගිවිසුමක් මත වසර 5ට ලබා දී එම කුඩා තේවතු පවුල් ඒකක මගින් නඩත්තු කොට එයින් නෙලන දළු පවතින වෙළදපලේ මිල ගණන් වලට වැවිලි සමාගම ලබා ගැනීම මෙම වැඩපිළිවෙළ බව ඒ මහතා පවසයි.

“රුසියාව ඇතුළු රටවල් අතර යුද තත්වයක් මතුවෙලා. මැදපෙරදිග තුළ දේශපාලන අර්බුද තත්වයත් අපේ රටේ තේ වලට බලපා තිබෙනවා. අපේ රටේ නිෂ්පාදිත තේ වලින් 70%ක් පෙර සදහන් කළ රටවලට විකුණන්නේ. ඔවුන්ගේ තේ මිලදි ගැනිමේ ප්‍රමාණය පහත වැටීම හේතුකොටගෙන අපේ රටේ තේ මිල පහළ බැහැලා. අපි සාම්ප්‍රදායික ක්‍රමයට කරගෙන මේ දිනපතා වේතන ගෙවන ක්‍රමය මත රැඳුනොත් අපේ තේ කර්මාන්තය කඩා වැටෙනවා. ඒක වළක්වාගන්න බැහැ. මේ වන විට අපේ රටේ වතු සමාගම් රුපියල් මිලියන 4400ක් පාඩු ලබලා. 1996 කම්කරු වැටුප දිනකට රුපියල් 83ක් වන විට තේ කිලෝවක මිල රු 93ක් වුණා. 2015 කම්කරු වැටුප රු700ක් වන විට තේ මිල රුපියල් 350යි. මේ ක්‍රියාවලිය තුළ තේ කිලෝවක් හදන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. තේ මිල පහත වැටි ඇති මෙවන් අවදියක එය තදට දැනෙනවා. වියදම් වැඩිවුණාම ආදායමත් වැඩි වන්නේ නැහැ. ඒ නිසා අපේ තේ කර්මාන්තයට අදාල පාර්ශවයන් එකතු කර ගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා කම්කරු ප්‍රජාවගේ කැමැත්ත මත අපේ සමාගමට අයත් කබරගල වත්තේ කොටසක් වු වෙල්ලකැලේ වත්ත මේ ආකාරයෙන් වත්තේ පවුල් 46ක් අතර අක්කර 2 ½ බැගින් බෙදාදුන්නේ ගිවිසුමක් මත‘

‘වෙල්ලකැලේ පවුල් 65ක් අතතරින් 46කට මේ වතු බදු දීම් කළේ වසර 5ට. ඊට පෙර සාම්ප්‍රදායක ක්‍රමයට ඔවුන්ට මාසයක් දින 25ක් වැඩ කරලා ඔවුන්ට ලබා ගතහැක්කේ රුපියල් 17187.50 ක් පමණයි. එහෙත් වතුකම්කරු ජනතාව වැඩිපුරම වැටුප ලෙස ලබාගත්තේ රු 10402.50ක් පමණයි. මේ ක්‍රමය යටතේ උත්සාහය හා මහන්සිය ඇත්නම් රුපියල් 50000ක මුදලක් මාසයකට ගත හැකි බව පෙනෙනවා.‘ යැයි ද සාමාන්‍යධිකාරිවරයා කීවේය.

devoloped-field-Conditions201510263---Copy Mathurata_201510266 Mathurata_201510266-2