තම මව වන්නට කැමැති කාන්තාවකට යුවාන් ලක්ෂ 10 ක් (ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක්) පිරිනැමිමට සූදානම් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයේ සිචුවාන් ප‍්‍රාන්තයෙනි.
කුවාන් යින් නම් වන මොහු එක් පසෙකින් දැන්වීම් පුවරුවක්ද අනෙක් පසින් චීන ක‍්‍රමයේ විශාල ලන්තෑරුමක්ද සවිකළ කදක් කරේ තබාගෙන සිචුවාන්හි උද්‍යානයකට සෑමදිනකම පැමිණේ.දැන්වීම් පුවරුවේ සදහන්ව ඇත්තේ තම මව වීමට ඉදිරිපත් වන කාන්තාවට පිළිගැනීමට සිදුවන කොන්දේසි ලැයිස්තුවකි.ඔහුගේ දුරකථන අංකය ලන්තෑරුමේ සදහන්ව ඇත.
කුවාන් යින්ගේ තොරතුරු දැනගැනීමේ අරමුණින් කාන්තාවක ඔහුගේ මව බවට පත්වීමට කැමැත්ත පළකර ඇති අතර කුවාන් ඇයට පවසා තිබෙන්නේ තම මව වීමට තරම් ඇයට වයසක් නොමැති බවයි.අඩුම තරමින් අවුරුදු 57 ක් වත් වයසැති කාන්තාවක් තම මව විය යුතුයැයි ඔහු කියා ඇත.
මවක සොයන්නේ මන්දැයි එම කාන්තාව විමසූ විට කුවාන් තමන්ගේ දිවියේ සාර්ථකත්වය අගය කිරීමට මවක සිටී නම්,ඔහුට පුතෙකුට සේ සළකයි නම්, ඔහුට එය මහත් සතුටක් වන බව දුක්මුසුව පවසා තිබේ.
විවාහ වීම ඊට වඩා සුදුසු වන්නේ නොවේදැයි එම කාන්තාව නැවත කුවාන්ගෙන් අසා ඇති අතර එයට කුවාන්ගේ මනාපයක් පළව නොමැත.
කුවාන්ගේ තතු චීනය පුරාම ව්‍යාප්තව ගොස් තිබෙන අතර සියලූදෙනා ඔහුට අනුකම්පාව දනවති.